ඊ​ පාස්පෝට් නවතී

0
278

ඊ​ පාස්පෝට් නවතී
ARUNA LK NEWS
30 July 2023 | උදයජීව ඒකනායක


අධික වැය බර හේතුවෙන් ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් විස්සක මුදලක් වැය වෙයි.

වාර්ෂිකව අවම වශයෙන් ගමන් බලපත්‍ර හත්ලක්ෂ පනස් දහසක් නිකුත් කිරීමට සිදුවන බව අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ සඳහා අවශ්‍ය මුදල ඇමරිකානු ඩොලර් මිලියන පහළොවකි. එක් වරක් සඳහා පමණක් වැය වන එම ගමන් බලපත්‍ර පුද්ගලාරෝපණය කිරීමේ යන්ත්‍ර සඳහාද ඇමරිකා ඩොලර් මිලියනයක මුදලක් වැය වන බව ගණන් බලා තිබේ.

මේ නිසා ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය ආරම්භ කරන තුරු දැනට තිබෙන විදේශ ගමන් බලපත්‍ර ක්‍රමයම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. දැනට ක්‍රියාත්මක ‘‘එන්’‘ කාණ්ඩයේ බලපත්‍ර තොගයද ප්‍රමාණවත් වන්නේ නොවැම්බර් මාසය දක්වා පමණි. එම නිසා එන් කාණ්ඩයේ බලපත්‍ර ලක්ෂ පහක් කඩිනමින් සපයා ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

වර්තමානයේ මසකට ‘එන්’ කාණ්ඩයේ බලපත්‍ර අසූපන්දහසක් නිකුත් කරන ලද ඉහළම විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව වන එක්ලක්ෂ පහළොස්දහස් තුන්සිය අසූ නවයක් නිකුත් කර ඇත්තේ 2022 වර්ෂයේ අගෝස්තු මාසයේදීය. පවතින විවිධ තත්ත්වයන් මත විටින් විට ශීඝ්‍ර ලෙස විදේශ ගමන් බලපත්‍ර ඉල්ලුමද වැඩි වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍රය හඳුන්වාදීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදි සිදු කෙරුණේ මීට මාස තුනකට ​පෙරය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here