ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්

0
229

ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්
MAWBIMA LK NEWS
By Tharaka Samman -ජනවාරි 30, 2024

රාජ්‍ය රහස් හෙළි කළ බවට චෝදනා එල්ල වූ පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.

2022 වසරේදී සිය විරුද්ධවාදීන් විසින් අගමැති ධූරයෙන් නෙරපා හරින ලද ඉම්රාන් ඛාන් දූෂණ චෝදනාවන්ට වරදකරු කර මේ වින විටත් වසර තුනක සිර දඬුවමක් විඳිමින් සිටියි.

මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඒවා දේශපාලන අරමුණු මුල් කරගෙන එල්ල වී ඇති බව ය.

ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙරීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ උපසභාපති හිටපු විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂිට ද වසර 10ක සිර දඬුවම් නියම කිරීමට ඔවුන් දෙදෙනා ම රඳවා සිටින රාවල්පින්ඩිහි අඩියාලා බන්ධනාගාරය තුළ පිහිටුවා ඇති විශේෂ අධිකරණය විසින් නියෝග කරනු ලැබ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here