ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට එරට අධිකරණයක් වසර දෙකක සිර දඬුවමක් නියම කරයි

0
469

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට එරට අධිකරණයක් වසර දෙකක සිර දඬුවමක් නියම කර ඇතැයි අද (23දා ) විදෙස් වාර්තා වල සඳහන්වේ.

මෙම දඬුවම ඔහුට පවරා ඇත්තේ ගුජරාට් ප්‍රාන්ත අධිකරණයක් විසිනි.භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පූර්ණේෂ් මෝදි විසින් මෙම නඩුව පවරා තිබුණු අතර 2019 වර්ෂයේ පැවති මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම හේතුවෙන් මෙම නඩුව ඔහුට විරුද්ධව පවරා තිබුණි.

මෙම නඩුවේ තීන්දුව විනිසුරුවරයා විසින් දෙනු ලබන අවස්ථාවේදී විපක්ෂ නායක රාහුල් ගාන්ධි එම අධිකරණය හමුවේ පෙනී සිටි බවද සඳහන්වේ, දඬුවම නියම කළ ද ඔහු සිරගත කිරීමට පෙර දින 30ක ඇප ලබා ගැනීමේව සහන කාලයක් ඔහුට ලබා දී ඇත. අදාළ සිර දඬුවමට එරෙහිව ඔහුට අභියාචනයක් ද ඉදිරිපත් කිරීමට ඔහුගේ නීතිඥවරුන් විසින් කටයුතු කරන බව ඉන්දීය ඒ පිලිබඳ වාර්තා වැඩිදුරටත් සඳහන් වේ.

(මෙහි සේයාරූ අන්තර් ජාලයෙන් ලබාගත් අතර ඒවයේ හිමිකම් එහි මුල් අයිතිකරුවන් සතු බව සළකන්න )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here