ඉන්දියා-නවසීලන්ත අවසන් පූර්ව සටන අද

0
213

ඉන්දියා-නවසීලන්ත අවසන් පූර්ව සටන අද
DIVAINA LK NEWS
කුෂාන් සුබසිංහ
November 15, 2023

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) පැවැත්වීමට නියමිතය.

දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ප.ව.2.00 ට ආරම්භ වේ.

මෙවර තරගාවලියේ ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 වේ.

තරගාවලියේ තමන් සහභාගී වූ තරග 9 ම ජයග්‍රහණය කළ ඉන්දියාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වූ අතර නවසීලන්තය තරග 5 ක් පමණක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ හතරවන ස්ථානයට පත් වීමට සමත් වූයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here