
Aruna lk News
27 December 2024
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන ආචාර්ය මන්මෝහන් සිංගේ අභාවය හේතුවෙන් එරට සතියක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද දිනට නියමිත සියලු රාජ්‍ය වැඩසටහන් අවලංගු කිරීමටද ඉන්දීය බලධාරීන් තීරණය කර ඇති බවයි.
ඉන්දියාවේ දෙවරක් අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ ඔහු නවදිල්ලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (26) අභාවප්‍රාප්ත විය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බවය.