ඉන්දියාවේ ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරසය ලංකාවට එයි

0
289

ඉන්දියාවේ ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරසය ලංකාවට එයි
ARUNA LK NEWS
21 December 2023

ඉන්දියාවේ ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරසය ලංකාවට එයි

ඉන්දියාවේ මේ දිනවල පැතිරෙමින් පවතින ඔමික්‍රොන් ජේ.එන් 1 කොවිඩ් වයිරස ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බවට තමා විශ්වාස කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර පවසයි.

කෙසේ වෙතත් මෙරට කොවිඩ් පරීක්ෂණ ඉතාමත් අඩු මට්ටමක පැවතීම හේතුවෙන් එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට නොහැකි බවයි, ඔහු පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් නැවතත් මුහුණු ආවරණ පාවිච්චි කිරීම ඉතා වැදගත් බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව වැඩිහිටියන්, විවිධ රෝගාබාධ හේතුවෙන් දුර්වල ප්‍රතිශක්තියක් ඇති අය මෙන්ම දුර්වල වාතාශ්‍රය සංවෘත ජනාකීර්ණ පරිසරයක සිටින ඒ ගැන අවධානය යොමු කළ යුතුයි.

එමෙන් ම උණ කැස්ස, සුවඳ නැතිවීම සහ රසය නැතිවීම, දිගට පවතින අධික උණ තත්වය, හුස්ම ගැනීමේ අපහසුතා, තෙහෙට්ටුව, ආහාර ගැනීමට නොහැකි වීම, වමනය ඇතිවීමේ ප්‍රවණතා මෙම ප්‍රභේදයේ රෝග ලක්ෂණ වේ.

මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කරන ලෙසටයි, චන්දිම ජීවන්දර ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

කොව්ඩ් එන්නත ලබාදීමේ වැඩ පිළිවෙල තවමත් ක්‍රියාත්මක වන හෙයින් අවදානම් සහිත කණ්ඩායම් බූස්ටර් එන්නත ගැනීම වැදගත් බව ද ඔහු පෙන්වා දෙයි.

ඉන්දියාවේ කොචි නගරයේ ඉන්ෆ්ලූවන්සා රෝගයට සමාන රෝග තත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් පරීක්ෂා කරන ලද රෝගීන්ගෙන් සියයට තිහකට මෙම කොවිඩ් ප්‍රභේදය ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇති බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here