ඉන්දියාවේ අගවිනිසුරු ධූරය පළමු වරට බෞද්ධයකුට

0
87

May 15, 2025

අගවිනිසුරු වූ දෙවැනි දාලිත්වරයා:
ධුර කාලය මාස 6යි

ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරු ලෙස පළමුවරට බෞද්ධයකු පත්ව තිබේ.

විනිසුරු බී.ආර්.ගවායි මහතා ඊයේ (14දා) ඉන්දීය ජනපතිනි මුර්මු මහත්මිය ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව සිය කටයුතු ආරම්භ කළේය.

64 හැවිරිදි ගවායි මහතා මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අම්රාවතී හි උපත ලබා තිබේ’ එසේම ඉන්දීය අගවිනිසුරු බවට පත්වු දෙවැනි දාලිත්වරයාය. එහෙත් ඔහුගේ ධුර කාලය මාස හයකට පමණක් සීමාවේ.

චතුර පමුණුව -Divaina lk News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here