ඉන්දියාවට ජය

0
334

ඉන්දියාවට ජය
ARUNA LK NEWS
08 October 2023

ඉන්දියාවට ජය
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවති තරඟයෙන් ඔස්ට්‍රේලියාව පරදවා විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

ඉන්දියානු ජයග්‍රහණයට විරාත් කෝලි සහ කේ එල් රාහුල්ගේ සුපිරි පිතිහරඹය හේතු විය.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

නමුත් ඔවුන්ට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 199ක් පමණි.

නමුත් ඉන්දීය ඉනිමේ ආරම්භය සුබ වූයේ නැත.

ඔවුන්ගේ පළමු කඩුලු 3ම ලකුණු 2කට දැවී ගියේය.

ඉෂන් ක්‍රිෂන්, නායක රෝහිත් ශර්මා සහ ශ්‍රේයස් අයියර් ලකුණු ලබාගැනීමට අපොහොසත් වූහ.

අනතුරුව පිටියේ එක්වූ කෝලි සහ රාහුල් ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගියහ.

ඔවුන් දෙදෙනා සිව් වැනි කඩුල්ල සඳහා ලකුණු 165ක් එක් කළහ.

කෝලි ලකුණු 85යි.

ඒ අනුව තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here