ඉතිහාසයේ විශාලතම ගුවන්යානා ඇණවුම

0
252


ARUNA LK NEWS
20/06/23- 4 hours ago

වාණිජ ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම ගුවන්යානා ඇණවුම ලබාදීමට ඉන්දීය ගුවන් සමාගමක් සමත්වී තිබේ.

ඉන්දියාවේ ඉන්ඩිගෝ සමාගම A320 එයාබස් 500ක් සඳහා ඇණවුම් කර ඇති අතර ඊට අදාළ මිලදී ගැනීමේ ගිවිසුමට ඔවුන් එළඹී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ සම්බන්ධයෙන් නිවේදනය “පැරිස් ගුවන් ප්‍රදර්ශනය” ආරම්භක දිනයේදී නිකුත්කළේය. එම ඇණවුම ඩොලර් බිලියන 55ක වටිනාකමකින් යුත්තය.

ඒ සමගම ඉන්ඩිගෝ සමාගමේ ගුවන්යානා සංඛ්‍යාව 1,330ක් දක්වා ඉහළ යයි.


එම ගුවන්යානා 2030-35 අතර කාලසීමාවේදී ඉන්ඩිගෝ සමාගමට ලැබීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here