ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

0
229

ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

DIVAINA LK NEWS

December 14, 2023

එංගලන්තයේ ඈන් කුමරිය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ එළඹෙන ජනවාරි මස 10දා සිට 13 දා දක්වා ඇය මෙරට සංචාරය කරන බවය.මේ අතර එම නිවේදනයේ දැක්වෙන්නේ ඈන් කුමරිය සමග ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස් ද මෙරටට පැමිණීමට නියමිත බවය.ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සව කිහිපයකට සහභාගී වීම සඳහා ඔවුන් මෙරටට පැමිණෙන බව සඳහන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here