ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කොළ එළියක්

0
78

ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කොළ එළියක්

DIVAIN A LK NEWS

November 13, 2024

ආරක්ෂක හේතූන් මත ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය නොකරන ලෙස කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් සිය පුරවැසියන්ට දැනුම් දුන් නිවේදනය ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.ශ්‍රී ලංකාවේදී ඊශ්‍රායල ජාතිකයින්ට ආරුගම්බේ ප්‍රදේශයේ දී යම් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ලැබුණු තොරතුරු මත මෙම නිවේදනය ඉකුත් ඔක්තෝබර් මස 23 වැනිදා නිකුත් කර තිබුණි.රට තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව මෙම නිවේදනය ඉවත් කරගැනීමට කටයුතු කරන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස විජිත හේරත් මහතා ද ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here