ඇමරිකාවේ සුනාමි අනතුරු ඇඟවීමක්

0
257

ඇමරිකාවේ සුනාමි අනතුරු ඇඟවීමක්
ARUNA LK NEWS
16 July 2023


අමෙරිකාවේ ඇල්ස්කා ප්‍රාන්තය ආසන්නයේ සිදුවූ ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූකම්පනය හටගෙන ඇති බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

භූකම්පනය ඇලස්කා ප්‍රාන්තයේ දකුණු දිග ප්‍රදේශයට කිලෝමීටර් 106ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ හටගෙන ඇති බව සඳහන්ය.

මේ හේතුවෙන් අමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඇලස්කා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here