ඇමති රොෂාන්ගෙන් අයිසීසියට අභියාචනයක්

0
279

ඇමති රොෂාන්ගෙන් අයිසීසියට අභියාචනයක්

LANKADEEPA LK NEWS

සුජිත් හේවාජුලිගේ

2023 නොවැම්බර් මස 11

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අද හෙටම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ අද කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ද්වේෂ සහගතව තහනම් කළේ ඇයිදැයි එහිදී විමසන බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිසිදු ආකාරයක දේශපාලන බලපෑම් හෝ අතපෙවීම් කර නැතැයි පැවසූ අමාත්‍යවරයා මුළු පාර්ලිමේන්තුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලකයන් ගෙදර යා යුතු බව එකහෙළා අනුමත කළ බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුද්ද කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බවද රොෂාන් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here