
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි
By Kumudu Jayawardana –
MAWBIMA LK NEWS
සැප්තැම්බර් 25, 2023 ප.ව. 4:020
ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම ඉන්දීය කණ්ඩායම දිනා ගත්තේ ය.
ඒ, අවසන් තරගයේදී ලකුණු 19කින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කරමිනි.
ඒ අනුව, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට රිදී පදක්කම හිමි විය.
පන්දු වාර 20 තරගාවලියක් ලෙස පැවති මෙහි අවසන් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 116ක් රැස් කළේ ය.
ආරම්භක පිතිකාරිණිය වූ ස්ම්‍රිති මන්ධනා පන්දු 45කදී ලකුණු 46ක් රැස් කළ අතර, ජෙමියා රොඩ්‍රිගේ පන්දු 40කදී ලකුණු 42ක් රැස් කළා ය.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස් කළේ, ලකුණු 97ක් පමණි.
නායිකා චමරි අතපත්තු ලකුණු 12කට දැවී ගිය අතර, හසිනි පෙරේරා ලකුණු 25ක් සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 23ක් රැස් කළහ.