
ARUNA LK NEWS 17 January 2024
ආර්ථික නීතිරීති දැඩි කළොත් රජය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා
ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි නීතිරීති අනුගමනය කිරීම තුළින් රජයන් සම්පූර්ණයෙන් කඩාවැටීමට ලක්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ස්විට්සර්ලන්තයේ පැවැති සංවාද මණ්ඩපයකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ දැඩි නීතිරීති මැද ජනතාව තෘප්තිමත් කිරීමටත් සිදුවීම අභියෝගයක් බවයි.
ස්විට්සර්ලන්තයේ, ඩාවෝස් හි පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ සංවාදයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (17) එක්වුණි.
ණය අර්බුද නිසා බිඳවැටීමේ අවදානමට ලක්වූ ආර්ථිකයන් ප්‍රකෘතිමත් කිරීම මැයෙන් එම සංවාදය පැවැත්වුණි.