ව්‍යසනය තුළින් පවා වාසි ගන්නට සැරසෙන දේශපාලනයට පිවිස සිටින අමනයන් ගෙන් පිරි රටක්?මේ පිළිවෙත් පිළිකුලෙන් බැහැර කරන්න.ජනතා සේවයට කැපවෙන්න. ආපදා මරණ 355දක්වා ඉහළට – 366දෙනෙකු අතුරුදන්

0
40

ව්‍යසනය තුළින් පවා වාසි ගන්නට සැරසෙන දේශපාලනයට පිවිස සිටින අමනයන් ගෙන් පිරි රටක්?
මේ පිළිවෙත් පිළිකුලෙන් බැහැර කරන්න.ජනතා සේවයට කැපවෙන්න.
ලංකා නිවුස් යු කේ

ආපදා මරණ ගණන 355ක් දක්වා ඉහළට: 366 දෙනෙක් අතුරුදන් -ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය



දිවයිනේ දිව්වා කුණාටුව පැමිණීමෙන් ඇතිවූ හදිසි තාවය හේතු කොටගෙන දැනට ඇතිවි තිබෙන ආපදා මරණ ගණන 355ක් දක්වා ඉහළ: 366 දෙනෙක් අතුරුදන් යයි සඳහන් කර තිබේ.පවුල් 318,252කට අයත් පුද්ගලයින් 1,156,860 දෙනෙක් පීඩාවට පත ඇති බවත් එම නිවේදනයේ සඳහන් කරයි. බොහෝ සමාජ මාධ්‍යවල පලවන පුවත් පිළිබඳ ඉතා ප්‍රවේශමෙන් නිගමනයකට ඒමට ජනතාව දැනුවත් විය යුතුය.බොහෝ ප්‍රසිද්ධ රුපවාහිනී නාළිකා වල සිදු කරන ප්‍රසිද්ධ වීමට වෙරදරන මාධ්‍යවේදීන් පවා සිය මාධ්‍ය රජයට මේ අතිශය බැරෑරුම් අවස්ථාවේ පවා සිය හිමිකරුවන්ගේ දේශපාලන අභිමතාර්තයන් ඉටු කර ලගැනීමේ මේ පහත් විචාරයන් තුළින් ප්‍රති විරුද්ධ මත ජනගත කිරීමට වෙරදරන බවක් පෙනී යනබව අපට දැනගන්නට ලැබී තිබේ. මේ පහත් ක්‍රියා නතර කර යුතුව තිබේ.ඔවුන් ඉස්මතු කර දී ඇත්තේ රජය මේ කුණාටුව එන්නට කලින් දැනුම් දුන්නද බලධාරීන් ඒ ගැන ක්‍රියාකළ නොමැති යයි පවරමිනි.ඔවුන් මේ ක්‍රියාව පාස්කු ඉරිදා ක්‍රියාවලියට යෛරිමට තරම් බොළඳ ප්‍රකශාකර ඇති බව අප පුවත්පතට බොහෝ දෙනෙකු දැනුම් දී ඇත ඔවුන් මේ ක්‍රියා පිළිවෙත නිර් දය ලෙස හෙලා දැක ඇත.ස්වභාවික වියසන බොහෝ බටහිර රටවල සිදුවන අතර මේ සම්බන්ධව රජයන්ට එහි බලපාන ප්‍රමාණය කොතෙක් දැයි කිසිදු අ වස්තාවක කල්වෙලා ඇතිව දැනුම් දීමට නොහැකි වී ඇත.ඇමරිකාවේ ටොනාඩෝ කුණාටු එනවිට මෙසේ කල්තබා දැනුම් දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක වේ… එහෙත් සෙසු රටවල එවැනි දා තවමත් සිදුකෙරෙන්නේ කලාතුරකිනි.ලන්ඩනයේ ඇතැම් අනාවැකි ඒ අයුරින්ම ප්‍රකාශයට පත් කළද ඒ සඳහා සුදානමක් මෙහි රජයන් විසින් සිදු කෙරෙන්නේ නැත.රුපවාහිනී මහ ජනමධ්‍ය වලින් එම පුවත් ප්‍රකාශ කිරීමක් සිදු කිරීම බොහෝ විට සිදු කෙරේ.අප සුනාමිය අප දිවයිනට පැමිණෙන ඊටද එහි බලපෑම් එවකට සිටි රාජ්‍ය විසින් දැනුවත්කිරීමක් සිදු කර නොතිබුණි.

අපේ විරුද්ධපක්ෂ නායකයා ගේ හා තරුණ දේශපාලකයෙකුවිසින් කරන ලද අමන,බොළඳ ප්‍රකාශයක් පසුගියදා ලන්ඩනයේ බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට පාත්‍රවී තිබුණි. ” ඔහෙලට බැරි නම් මට දෙන්න- මා ඔයිටව හොඳින් කරන්නම් ” අපි අපේ අය ගැන බලාගන්නම්” මේ දෙදෙනාගේම මේ ප්‍රකාශ වලින් පැහැදිලිවන්නේ කුමක්ද? ඔවුන් පරිනතවී නොමැති බවයි මට හැඟේ .දේශයක් පාලනය කරන්න ඉතා බුද්ධිමත් අයෙකු විය යතුය. මොවුන් දෙපළගේම පියවරුන් ගැන මා හොඳීන් දැනසිටියේ තරුණ මාධ්‍යවෙදියෙකුව සිටි අවධියේ එනම් 70 දශකයේ මුල පටන්ය. ඔවුනට කොතරම විවේචන තිබුනද ඔවුන් මෙවන් අයුරින් පහත් ප්‍රකාෂ කරන මට්ටමකට කටයුතු කර නැතිබව කිව යුතුය. ඔබ දෙපලටම තව බොහෝ දුර ගමනක් යායුතුව තිබේ,අපරටේ පොදු ජනතාවඔබ විසින් මැති සබය තුලත් පිටතදීත් කරණ කියන දේ ගැන ඉතා ඕනෑකමින් සිටින බව සිහියට ගන්න.

ජනාධිපතිතුමා පක්ෂ විපක්ෂ නායකයින් කැඳවා ඔවුන්ගේද අදහස් මේ සම්බන්ධව විමසා තිබු අතර ඔහු පෞද්ගලිකව දිවාරැය නොබලා කටයුතු කරමින් සහන සැලසීමට ඉදිරිපත්ව සිටින අයුරු අපට දැකගන්නට් හැකිවිය, ඒ අතරම විපක්ෂය සුපුරුදු පරිදි රජයට අවලාද නගමින් සිටින සෙයක්ද ,ඔවුන්ගේ පරිස් ලවා රජය ගත පියවර ගැන විස්තර කියමින් මෙම වියසනය අතරේද විවේචනවල යෙදෙමින් බලය ගැනීමේ අරමුණ වෙනුවන් වෙහෙසෙනු දැකිය හැකිවිය. රටගැන ඔවුන්ට කිසිදු තැකීමක් නැති බව අපට ඒත්තු ගන්නට තවත් සාක්ෂි අවශ්‍ය නැත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 30 දා ජාතිය අමතා මේ ආපදා අවස්ථාවේ පක්ෂ විපක්ෂ දේශපාලන වෙනස්කම් නොතකා ජාති ආගම් භේද ඉවතලා ජනතාවට සහන අසල්සිමට ඉදිරි පත්වන ලෙසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව අතර ආහාර බෙදාදීම හා අවතව්වුවන් ගලවාගැනීමට ඉදිරිපත්වූ පිණිස ගිය ගුවන් නියමුවෙක් හා රණවිරු කණ්ඩායමක්ද වෙති. ජීවිතයද ඔවුනට අහිමි වී ඇතිඅතර ඔවුන්ගේ පවුල් වලට දයාබර සැමියෙක් දරුවනට පියෙකුද රටට අභිමානය ගෙනදුන් රණවිරු පිරිසක්ද අහිමි වි තිබේ.

පවතින ආපදා තත්ත්වය සමග රුධිර හිඟයක් පවතින බව පුවත් පලව තිබු අතර රෝහල් දැනට ක්‍රමක්‍රමයෙන් යහපත් තාවයකට පත තිබෙන බව සඳහන් වේ.
ගම්පොල හා පෙදෙස් කිහිපයකින්ම සිය පවුලේ සියලු දෙනාම ජිවිතක්ෂයට පත්ව තිබු බවට සමාජමාධ්‍ය පුවත්වල සඳහන් වී ඇත.
මහනුවර ගම්පොල ,බදුල්ල ,නුවර එළිය යන පෙදෙස් ක්‍රම්යෙන් යතා තත්වයකට පත්වෙමින් සිටි.සිරස හා දෙරණ රුපවාහිනී නාලිකා රැසක් අත්‍යවශ්‍ය ආහාර බෙදාදීමේ මහා උතුම් සේවාවක නිරතවෙමින් සිටි.

විදේශ රටවලින් ආදාර හා මුදල් ගලා එමින් පවතින අතර ඒ අතර ඉන්දියාව පෙරමුණ ගෙන සිටි.ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ජපානය නේපාලය හා සෙසු රවලින් ආධාර හා කණ්ඩායම් රැසක් අවතැන්වූවනට ආධාර කිරීමට මේවනවිට දිවයිනට පමණ සිටිති.
කැළණි ගංගාවේ ජලය තවමත් වැඩිවෙමින් පවතින බව එම වාර් තා පේනවා දේ.ලෙඩරෝග බෝවියාම ගැන , පිරිසිදු පානීය ජලය පානය සඳහා ගැනීමට ජනතාව උන්නදුන්විය යුතුවේ.

මුදල් ආධාරදිමේදී මහා බැංකුවට හා .විදෙස් රටවල තානාපති හෝ මහකොමසාරිස් හරහා දෙනලෙස ජනතාව දැනුවත් කරන ලෙස රජය ඉල්ලාසිටි.
හදිසි ආපදා තත්ත්වයකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අමතන්න – 117

Lanka News UK


ආපදා මරණ 355දක්වා ඉහළට – 366දෙනෙකු අතුරුදන්

01 December 2025

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද (01) උදෑසන 9ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 366ක් අතුරුදන්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here