ආචාර්ය හරිනි අමරසූරිය අගමැති ලෙස දිවුරුම් දෙයි

0
120

ආචාර්ය හරිනි අමරසූරිය අගමැති ලෙස දිවුරුම් දෙයි

ARUNA LK NEWS

24 September 2024

නව රජයේ අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය අද (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අගමැති ධූරයට අමතරව අධිකරණ, අධ්‍යාපන, කම්කරු, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍යවරිය ලෙස ඇය පත් කර තිබේ.

ඇය ශ්‍රී ලංකාවේ තුන්වැනි අගමැතිවරිය ලෙස ඉතිහාසගතවෙයි.

සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මීට පෙර එම තනතුර දරා තිබුණි.

2020 මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවට පත්වූ ඇය දේශපාලනයට පිවිසීමට පෙර කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ඡ්‍යේෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස සේවය කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here