අවමන් සහගත පරාජයන් හමුවේ මොහාන් ද සිල්වා ඉල්ලා අස්වෙයි

0
327

අවමන් සහගත පරාජයන් හමුවේ මොහාන් ද සිල්වා ඉල්ලා අස්වෙයි
ARUNA LK NEWS
04 November 2023

අවමන් සහගත පරාජයන් හමුවේ මොහාන් ද සිල්වා ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

දිගින් දිගටම සිදු වන තරග පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා බලධාරීන්ට විරුද්ධව පාර්ශ්ව කිහිපයකින්ම මේ වන විට විවේචන එල්ල වෙමින් පවතියි.

ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව හමුවේ ලැබූ දැවැන්ත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම විවේචන එල්ල වන්නට විය.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විවිධ ආන්දෝලනාත්මක පුවත් මැවෙන ආකාරයේ සිදුවීම් ගණනාවක්ම වාර්තා විය.

ඉන්දියාව හමුවේ ලද පරාජයත් සමඟ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද මෙම ගැටලුවට මැදිහත් වූ අතර, බලධාරීන් ඉල්ලා අස් නොවන්නේ නම්, දැඩි තීරණ ගැනීමට ද සූදානම් බව දැනුම් දී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here