“අයථා සම්බන්ධයක් නිසා” සිංගප්පූරු කතානායකවරයා ඉල්ලා අස්වෙයි

0
434

“අයථා සම්බන්ධයක් නිසා” සිංගප්පූරු කතානායකවරයා ඉල්ලා අස්වෙයි
By Tharaka Samman -ජූලි 17, 2023 ප.ව. 5:550

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ කතානායක ටැන් චුවාන්-ජින් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ, ඔහු ත් සමග Tampines Group Representation Constituencyහි මන්ත්‍රීවරියක ද ඉල්ලා අස් වී ඇති බව ය.

ප්‍රේම සම්බන්ධයක් හේතුවෙන් ඔවුන් සිය ධූරවලින් ඉල්ලා අස්වී ඇතැයි එම වාර්තාවල දැක්වේ.

ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූං අද ප්‍රකාශ කර ඇත්තේ, ජනතා ක්‍රියාකාරී පක්ෂය විසින් මේ වසර පුරාවට ම පිළිගෙන ඇති යෝග්‍යතා සහ පුද්ගලික හැසිරීම්වල උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා ඔවුන්ගේ ඉල්ලා අස්වීම් අවශ්‍ය බව ය.

ටැන් මහතා සහ චෙං මහත්මිය අතර “අයථා සම්බන්ධය” ගැන තමා දැනගත්තේ 2020 මහ මැතිවරණයෙන් ටික කලකට පසුව බව ත් ඒ සම්බන්ධයෙන් 2023 පෙබරවාරි මාසයේදී ඔවුන්ට උපදෙස් ලබා දුන් බව ත් පසුව පැවති මාධ්‍ය හමුවකදී, අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, එම සම්බන්ධතාව අඛණ්ඩව පවත්වාගෙන පැමිණ ඇති බවට තොරතුරු ඔහුට මෑතකදී ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අතර ම, අප්‍රේල් 17 වන දින ජනාධිපතිවරයාගේ දේශනය පිළිබඳව පැවති විවාදයේ පළමු දිනයේදී ටැන් මයික්‍රෆෝනයෙන් අසැබි වදනක් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබේ.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඔහු හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

එහිදී සිය පාර්ලිමේන්තු විරෝධි හැසිරීම මෙන් ම චෙන්ග් සමග ඇති ඔහුගේ අයථා සම්බන්ධතාව හේතුවෙන් හැකි ඉක්මනින් ධූරයෙන් සමුගන්නා බවට ටැන් එකඟ වී ඇත.

ඒ අනුව, තමන් ජනතා ක්‍රියාකාරී පක්ෂය සමජිකාත්වයෙන් මෙන් ම කතානායක ධූරයෙන් සහ මන්ත්‍රී ධූරයෙන් වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවට අගමැතිවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here