


අමෙරිකා එක්සත් ජනපද මැතිවරණයේ ප්‍රතිපල අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉතිහාසගත් ජයක්
ලංකා නිවුස් යු කේ.
06/10/24
අමෙරිකා එක්සඑත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී තිබේ.
ඉතිහාසගත ජයක් සමගින් අමෙරිකානු ජනපති පුටුවට නැවතත් ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වුයේ ඉතා දුෂ්කර මාවතක් ඔස්සේය.ඔහුගේ පෙන්සිල්වේනියාවේ රැ ස්විමකදී හා නිව්යෝක් නුවරදී ඔහු දෙවරක්ම වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර තිබුණි.ඔහුට එරෙහිව කලක් තිස්සේ නඩු රැසක් ම පවරා තිබුණි.
ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්, අමෙරිකානු නිවස ,දේපොළ පිලිබඳ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වූ ෆ්‍රෙඩ් ට්‍රම්ප්ට දාව නිව්යෝර්ක් නුවරදී ඔහු උපත ලැබුවේ 1946 ජූනි 14 වැනිදා ය.
පෙන්සල්වේනියා හි සරසවියක ආර්ථික විද්‍යා උපාධි ලබා ව්‍යාපාර ලෝකය දිග්විජය කළ ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙක් ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ 1987 දීය.
සිය තරුණ අවදියේ සිටම දේශපාලනයට පිවිසි ඔහු 2001දී ඩිමොක්‍රොටික් සාමාජිකත්වය ලබාගත් නමුදු පසුව ඔහු යළි 2012 වසරේදී රිපබ්ලිකන් පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන් තිබුණි.
ඔහු රිපබ්ලිකන්පක්ෂයෙන් ට්‍රම්ප් 2016දී පළමු වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ප්‍රතිවාදී හිලරි ක්ලින්ටන් අභිබවා අමෙරිකාවේ 45වන ජනාධිපතිවරයා බවට පත්විය.
2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ලද අමිහිරි පරාජයෙන් පසු ඔහුගේ ආධාරකරුවන් කැපිටල් ගොඩනැගිල්ලේ සිදුකළ කැරැල්ල සහ ගැටුම් අතරතුර හය දෙනෙකුට දිවි අහිමි වීම ට්‍රම්ප්ගේ දේශපාලන දිවියට එක්වූ විශාලම කළු පැල්ලම ලෙස සඳහන්වේ.
මෙම පරාජයෙන් පසුව ට්‍රම්ප්ට එරෙහිව නඩු කිහිපයක්ම ගොනු කර තිබුණි.ඔහු ඇමේරිකාවේ අපරාධ අධි චෝදනාවට ලක්වූ පළමු ජනාධිපතිවරයාද වෙයි.
පෙන්සල්වේනියා හිදී පැවති ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරණ රැලියක් අතරතුර එල්ල වූ මාරක වෙඩි පහරින් තුවාල ලබා තිබු ට්‍රම්ප් ජීවිතය ගලවාගත්තේ යන්තමිනි.මෙවන් පසු බිමක ඔහු සිය මැතිවරණ සංග්‍රාමය සිදු කලර් ජිවත තර්ජන ගර්ජන් මැද්දේය. ඔහු පලමුව බයිඩන් ජනපතිවරයා සමග ජනපතිවරණයට සටන් වැදුණු අතර ඔහුගේ දුබල සෞඛ්‍ය තත්වය හේතුකොටගෙන උප ජනාධිපතිනිය වූ කමලා හැරිස් බයිඩන් වෙනුවට ඩෙමොක්ක්‍රටික් පක්ෂය විසින් ආදේශ කරනු ලැබුවේය.
පාලන පක්ෂයේ යාන්ත්‍රණය මැද්දේ අභියෝග රැසක් මැද සටනට පිවිසි ට්‍රම්ප් මෙවර මැතිවරණය ජයගත් ඔහු අමෙරිකාවේ දෙවැනි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස හැඳින්වේ.
ඩිමොක්‍රොටික් පක්ෂ අපේක්ෂිකාව වන කමලා දේවී හැරිස්, ජැමෙයිකානු අමෙරිකානුවෙක් වූ ඩොනල්ඩ් ජේ හැරිස්ට දාව ඉන්දීය දමිළ ජාතික ෂ්‍යාමලා ගෝපාලන්ගේ කුසෙන් අමෙරිකාවේ ඔක්ලන්ඩ් හිදී උපත ලබන්නේ 1964 ඔක්තෝබර් 20 වැනිදා ය.
1990දී කැලිෆෝනියාවේ අල්මේදා කෝරළයේ නියෝජ්‍ය නීතිපතිවරයා ලෙස පත්වූ කමලා විවිධ තානාන්තර ලබා ක්ෂේත්‍රයේ ඉදිරියට පැමිණ තිබුණාය.
ඇය 2010දී කැලිෆෝනියානු නීතිපති ලෙස පත්වන්නේ එම ධුරයට පත්වූ පළමු කාන්තාව, අප්‍රිකානු අමෙරිකානුවා මෙන්ම දකුණු ආසියානු අමෙරිකානුවා බවට ද වාර්තා අතරට එක්වෙමිනි.2017දී ඇයට සෙනෙට් සභාවට පැමිණීමේ වරම් හිමිවූවාය.
2020 ජනාධිපතිවරණයේ ඩිමොක්‍රොටික් අපේක්ෂකත්ව සිහිනය බොඳවූ, අත්දැකීම් අඩු කමලාට ජනාධිපති ජෝ බයිඩ්න් උපජනාධිපති ධුරය ලබාදෙන්නේ බොහෝ දෙනා මවිත කරමින්වේ. කළු හා ආසියතික ජන කොටස් ඇයට සහය දක්වා තිබුනද ඇයට මේ මැතිවරණය ආරම්භයේ සමීක්ෂණවලට අනුව ජය ලබා ගිනී යන වාර්තා සියල්ලම බිඳ දමමින් අවසානයේ ට්‍රම්ප් මෙවර මැතිවරණය ජයගත්තේ වාර්තාවක් ස තබමිනි.
ඇයට වත්මන් ජනාධිපතිධුර අපේක්ෂකත්වය ද හිමිවන්නේ බයිඩන් හදිසියේම අපේක්ෂකත්වය අත්හැරීම නිසා ය.
එරට වෙසෙන මිලියන 48කට ආසන්න කළු අමෙරිකානුවන්ගේ අපේක්ෂාවේ සංකේතය බඳුවූ කමලා හැරිස් මෙවර ජනාධිපතිවරණය ජයගත්තනම් , ඇය වසර 248ක ඉතිහාසයක් ඇති අමෙරිකානු දේශපාලනයේ පළමු ජනාධිපතිනිය බවට පත්වීමට ඉඩකඩ තිබුණි..
මේ අතර කමලාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇගේ මවගේ මව් රට වන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දී හින්දු පුද පූජා පවත්වා තිබුණි.
ට්‍රම්ප් සිය සිව් අවුරුදු කාලය තුල යුද ආධාර සිදු නොකරන බවට සහතිකවී තිබේ.ඔහුගේ පාලන කාලය ඇරඹෙන්නේ 2025 ජනවාරි මස මුලදීය.ඔහුට සෙනෙට් හා මන්ත්‍රී මණ්ඩල දෙකහිම වැඩි බලයක් දැනට ඉමිවී තිබේ.යුක්රේන හා ඊස්රයෙල රටවල එනම් ලොව පුරා වෙසෙන බ්‍රිතාන්‍ය .ප්‍රංශ ,ඉන්දීය නායකයින්රැසක්ම මේ වනවිට ඔහුට සුභපැතුම් පණිවිඩ එක් කොට ඇති බව එම පුවත්වල සඳහන්වේ.
(Photo copied from BBC Sinhala }
