අමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවිය තේරූ ලොව ප්‍රමුඛ විද්‍යාඥයන් අතර ශ්‍රී ලංකාවේ 35ක්

0
244

අමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් සරසවිය තේරූ ලොව ප්‍රමුඛ විද්‍යාඥයන් අතර ශ්‍රී ලංකාවේ 35ක්

MAWBIMA LK NEWS

By Sachithra Perera

ඔක්තෝබර් 10, 2023

අමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයන් 35 දෙනෙකු ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් සියයට දෙක අතරට ඇතුළත්ව ඇත.

සෑම වසරක ම ඉදිරිපත් කරන මෙම ශ්‍රේණිගත කිරීම්හි මෙම වසරේ නාමාවලිය පසුගිය සතියේ එළිදැක්විණි.

මෙලෙස ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් අතර මෙත්තිකා විතානගේ, රනිල් ජයවර්ධන, ජනක ඒකනායක, සේනක රාජපක්ෂ, සරෝජ් ජයසිංහ මොහාන් මුණසිංහ, එස්.ඒ.එම්. කුලරත්න යන මහාචාර්යවරු සහ මහාචාර්යවරියෝ වෙති.

රජරට විශ්වවිද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මෙවරත් අඛණ්ඩව තුන්වන වරටත් මෙම ලැයිස්තුවට ඇතුළත් වී තිබේ. මෙම ලැයිස්තුවේ ශ්‍රී ලාංකික විද්‍යාඥයන්ගේ බහුතරය වෛද්‍ය විද්‍යා ක්‍ෂේත්‍රයට සම්බන්ධ විද්වත්හු වෙති. මෙම ලැයිස්තුවට සම්බන්ධ අනෙකුත් විද්‍යාඥයන් ලැයිස්තුව මෙසේ ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙත්තිකා විතානගේ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ රනිල් ජයවර්ධන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජනක ඒකනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුශ්කා උපමාලි රාජපක්ෂ, වයඹ විශ්වවිද්‍යාලයේ අනෝමා චන්ද්‍රසේකර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පී. රණසිංහ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනක රාජපක්ෂ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවන්ති දේශානි ඉගලවිතාන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සමත් ඩී. ධර්මරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භාග්‍යා නතාලි සිල්වා, ජාතික මූලික අධ්‍යයන ආයතනයේ එම්. ඒ.කේ.එල්. දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කේ.කේ. අසංක සංජීව, රජරට විශ්වවිද්‍යාලයේ චන්න ජයසුමන, යාපනය විශ්වවිද්‍යාලයේ නවරත්නරාජා සෙල්වරාජා, සංවර්ධනය පිළිබඳ මුණසිංහ ආයතනයේ මොහාන් මුණසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ එච්. ජනක ද සිල්වා, කැලණිය විශ්වවිද්‍යාලයේ අනුරාධනී කස්තුරිරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සරෝජ් ජයසිංහ, යාපනය විශ්වවිද්‍යාලයේ රන්ජන් රාමසාමි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිරන්ජන් රාජපක්ෂ, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මෙරාන් කේශ්වර එදිරිවීර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාමිනී මෙන්ඩිස්, කොළඹ විශ්වවිද්‍යාලයේ දිනේශ් දර්ශක ජයසේන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉරේශා මෙන්ඩිස්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ධනුෂ්ක උදයංග, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිමල් ඒ. සුරවීර, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නදීර ඩී. කරුණාවීර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කසුන් එම්. තාඹුගල, ශ්‍රී ලංකා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ එච්. ආර්.ඩබ්ලිව්. ධර්මරත්න, රජරට විශ්වවිද්‍යාලයේ නුවන් දර්ශන වික්‍රමසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ එච්. අසිත ද සිල්වා, ශ්‍රී ලංකා ජාතික අධ්‍යයන ආයතනයේ සුරේෂ් පී. බෙන්ජමින් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සචිත් මෙත්තානන්ද.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here