අපේ දරුවන් ලක්‍ෂයකට වඩා මන්දපෝෂණයෙන්

0
237

අපේ දරුවන් ලක්‍ෂයකට වඩා මන්දපෝෂණයෙන්
DIVAINA LK NEWS
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි
February 7, 2024

මෙරට උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු 5ට අඩු දරුවන් 15758 දෙනකු සහ මධ්‍යස්ථ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 120230 දෙනකු හඳුනාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් 2023 වසරේ පෝෂණ මාසයේ කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මෙම සමීක්ෂණයට අනුව වයස අවුරුදු 05ට වඩා අඩු දරුවන් අතර අඩුබර දරුවන්ගේ සංඛ්‍යාව 232004කි. එමෙන්ම වයස අවුරුදු 05ට වඩා අඩුදරුවන් අතර වයසට සරිලන උස නොමැති දරුවන්ගේ සංඛ්‍යාව 140414ක් බවද මෙම වාර්තාවේ සඳහන් වේ. අධික ස්ථුලතාවෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව 5850කි. මෙම වාර්තාවට අනුව උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 1439 දෙනකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන දරුවන් සංඛ්‍යාව 1432කි.

2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 18420 ක් වාර්තා වී තිබූ අතර ඒ අනුව 2023 වර්ෂයේ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ සංඛ්‍යාව සියයට 12 දක්වා අඩු වී ඇත. 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ අවුරුදු 05ට අඩු දරුවන් අතර වර්ධනය අඩාල වීම, අඩුබර, මිටි බව ප්‍රතිශතවල වැඩිවීමක් පෙන්නුම් කරන බවද මෙකී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here