අපේ ගුවන්තොටුපොළ තුනක පාලනය අදානිට?

0
309

අපේ ගුවන්තොටුපොළ තුනක පාලනය අදානිට?
LANKADEEPA LK NEWS
(විමුක්ති එස් රුද්‍රිගු)
කතෘ මණ්ඩලය 2024 පෙබරවාරි මස 10 බැලුවෝ – 841

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළවල් තුනක පරිපාලනය ලබා ගැනීම සම්බන්ධයෙන් අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එම සාකච්ඡා සාර්ථක වුවහොත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, මත්තල ගුවන් තොටුපොළ සහ රත්මලාන ගුවන් තොටුපොළවල පරිපාලනය අදානි සමූහ ව්‍යාපාරය සතු වීමට ඉඩ තිබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගුවන් තොටුපොළවල් තුන පාලනය කිරීම සඳහා අදානි සමුහ ව්‍යාපාරය සමඟ එක්ව කටයුතු කිරීමට සැලැසුමක් ශ්‍රී ලංකාවට තිබෙන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මුම්බායි නගරයේදී ‘ද හින්දු’ පුවත්පතේ ව්‍යාපාරික වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර තිබෙන බවද ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය.එසේම ඒ සඳහා අදානි සමූහ ව්‍යාපාරය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

සංචාරකයන් මිලියන 1.48 පිරිසක් පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති බවත් මෙරට සංචාරක කාර්මාන්තය හිස ඔසවමින් සිටින මොහොතක ගුවන් තොටුපොළවල පරිපාලනය ක්‍රමවත් කිරීමට පුද්ගලික සමාගමක් සම්බන්ධ කර ගැනීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here