අපි සැම එක්ව රට ගොඩනඟමු එකිනෙකාට ගෞරවනීය වෙමු. මේ ලස්සන පූජනීය බිම අපේ මව්බිම වීම ගැන ආඩම්බර වෙමු. ජනාධිපති අනුර කුමාර දිසානායක

0
61

අයවැය 2025 :

February 17, 2025 1:58 pm

2025 වර්ෂය සඳහා වන රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීම පෙරවරු 10.30ට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරම්භ කළේය.

දූෂිත පාලනය අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති සහ වගකීම් විරහිත පාලනය රට මුහුණ දුන් අර්බුදයේ හේතුව බව ජනාධිපති අනුර කුමාර දිසානායක අයවැය කතාව අරඹමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනතාවට පෝලිම්වල මිය යාමට සිදුවූයේ එම හේතු නිසා බවද ජනාධිපතිවරයා කීය.

2022 ආර්ථික අර්බුදය නිසා දුප්පත් ජන කණ්ඩායම් අන්ත අසරණ වූ බවද ජනාධිපතිවරයා කීය.

 පසුගිය විකෘති පාලනය ජනතා අභිලාෂ ඉටු කළේ නෑ

පළාත් පාලන මැතිවරණ කල් දැමීම නිසා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අභිලාෂයද බිඳ දමනු ලැබුවා.

ජනතාව නව රජයක් පිහිටවූයේ නව අපේක්ෂාවන් සහිතවයි

 සමාජ ආර්ථික පදනමක් සකසන මේ අයවැය ඓතිහාසිකයි

ආර්ථිකය ස්ථාවර කිරීමටත් ජාත්‍යන්තරය සමඟ ශක්තිමත් සබඳතා ගොඩනගා ගැනීමටත් ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනගා ගැනීමටත් අප සමත් වී තිබෙනවා

විදෙස් මුදල් සංචිත ඩොලර් බිලියන හයයි දශම එකක මට්ටමක පවත්වා ගැනීමට හැකියාව ලැබුණා

 අපගේ ආර්ථික න්‍යාය පත්‍රය අප විසින්ම සකසාගෙන ආර්ථික ස්වෛරීත්වය ලං කර ගත යුතුය.

අනාගතයේදී ණය ආපසු ගෙවීම නැවත ඇරඹීමට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟනවා

2020 ජනවාරි 1 වැනිදාට පෙර විශ්‍රාම ගිය සියලු විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප අදියර තුනකින් වැඩි කෙරේ

 රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සඳහා නව නීති සම්පාදනය කරයි

 නිලධාරීන්ට අවශ්‍ය සහාය අපි දෙන්නම් ඔබේ සහාය රටට දෙන්න

 බදු පරිපාලනය විනිවිදභාව වැඩි කිරීම සඳහා බදු පද්ධතිය ඩිජිටල් කරණය කරනවා.

 ශ්‍රී ලංකාව කාසි හා නෝට්ටු රහිත යුගයක් කරා ගෙන යනවා. දූෂණය වළක්වා ගැනීම සඳහා මෙය ඉතා හොඳ තීරණයක්. වත්කම් අයතා ලෙස රැස් කරන අයට මේ තීරණ වලදී හානි වේවි.

 රාජ්‍ය ආදායම උත්පාදනය කරන ආයතන ඩිජිටල් කරනය කරනවා

 බදු එකතු කිරීම සම්බන්ධ නියාමන සහ නීතිමය රාමු ශක්තිමත් කරයි

 බදු ගෙවන ජනතාවගේ හැම රුපියලක්ම සඳහා අප සාධාරණය ඉටු කරනවා.

බදු පැහැර හැරීම් සහ නීති විරෝධී මූල්‍ය ක්‍රියා වැළැක්වීමට පියවර ගන්නවා

 අපේ ආර්ථිකය තිබෙන්නේ ඉතා අසීරු තැනක එතැන් සිට අප ආර්ථිකය ගොඩනැගිය යුතුයි. ඒ නිසා අය වෙන හොඳින් අධ්‍යයනය කරන ලෙස ඉල්ලනවා

අයවැය ප්‍රතිපත්ති මගේ හුදෙකලා ප්‍රයත්නයක් නොවේ අපේ රජයේ සාමූහික ප්‍රයන්තයක්.

අපේ අය ගොඩක් පාර්ලිමේන්තුවට ආගන්තුකයි. එහෙත් ඔවුන් තුළ ප්‍රායෝගික දැනුමක් අත්දැකීමක් තිබෙනවා.

 අප සියලු දෙනා සමග එක්ව දීර්ඝ අධිෂ්ඨාන ශීලී ගමනක් අරඹා තිබෙනවා.

 ආයෝජකයන්ගෙන් අල්ලස් ඉල්ලුවහොත් ඒ කිසිවකුට අපෙන් සමාවක් නැහැ

ඉදිරියේදී සන්තෝසම් ගැනීමට තැත් කරන අය බියට පත්විය යුතුයි

 අල්ලස් ගන්න හැම දෙනාම බය වෙන සමාජයක් නිර්මාණය කරනවා

 වත්මන් වැඩ බලන පොලිස්පති විසින් වැඩිම දඬුවම් ප්‍රමාණයක් ලබාදී තිබෙන්නේ පොලිසිය ඇතුලටමයි

 දූෂණයේ මූල බීජය සහ මුලින්ම තුරන් කරනවා

 සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් තුළින් සැමගේ අරමුණු ඉටු කරනවා

 අප සමග එකතු වන්නැයි විදෙස් ගත ලාංකිකයන්ටත් ආරාධනා කරනවා.

 යලි මේ රටේ ජාතිවාදී ගැටුම් නැහැ.

ආගම ජාතිය ලිංගිකත්වය කිසිම දෙයක් මීට පසු බෙදීම් සාධක නොවේ

 අපි සැම එක්ව රට ගොඩනඟමු එකිනෙකාට ගෞරවනීය වෙමු. මේ ලස්සන පූජනීය බිම අපේ මව්බිම වීම ගැන ආඩම්බර වෙමු.READ MORE…….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here