අධිවේගයේ තවත් අනතුරක්

0
277

අධිවේගයේ තවත් අනතුරක්
DIVAINA LK NEWS
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ටී.කේ.ජී. කපිල-කටුනායක
January 27, 2024

ඔස්ට්‍රේලියානුවෙක් මරුට
පවුලේ තිදෙනකුට බරපතළයි
කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත සහ කෙරවළපිටිය අතර කොටසේදී ඊයේ (26 දා) උදේ සුඛෝපභෝගී වෑන් රථයක් ලොරි රථයක ගැටී සිදු වූ අනතුරකින් ඔස්ට්‍රේලියානු ජාතිකයකු මරුමුවට පත්වී ඔහුගේ පවුලේ තවත් තිදෙනකු බරපතළ තුවාල ලබා රාගම ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ 37 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි.

අනතුරින් තුවාල ලැබූ පිරිස අතරේ මියගිය ඔස්ට්‍රේලියානු ජාතිකයාගේ මව්ද සිටින බව අධිවේගී රථ වාහන පොලිසිය පවසයි.

මොවුන් හික්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කරා සුඛෝපභෝගී වෑන් රථයෙන් යමින් සිටියදී ඊට ඉදිරියෙන් යමින් තිබූ ලොරි රථය කාර්මික දෝෂයක් හේතුවෙන් එකවර නතර කර තිබේ. ඒ සමගම විදේශිකයන් රැගත් වෑන් රථය ලොරි රථයේ ගැටී ඇතැයි පොලිසිය කියයි.

වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලන මධ්‍යස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ටී.කේ.ජී. කපිල-කටුනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here