
අධිනීතිඥ ගාමිණී ප්‍රේමතිලකගේ අවසන් කටයුතු අද
DINAMINA LK NEWS
July 22, 2023
කොළඹ නීතිඥ සංගමයේ හිටපු සභාපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු කලාපීය උප සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණි ප්‍රේමතිලක මහතා අභාවප්‍රාප්ත විය. දෙණියායේ බෙරලපනාතර උපන් ඔහු මිය යන විට 88 හැවිරිදි වියේ පසුවිය. කොළඹ ආනන්ද සහ ඇක්වයිනාස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වූ ඒ මහතා 70 සහ 80 දශකද්වයෙහි ප්‍රකට කවියකු සහ ලේඛකයකු විය. ගාමිණි ප්‍රේමතිලක මහතාගේ බිරිය ශ්‍රී ලංකාවේ ප්‍රථම නඩුකාරවරිය වන විනිසුරු මල්ලිකා ප්‍රේමතිලකය. මේ දෙපළගේ එකම දරුවා චාමිණී වන අතර ඇය ද නීතිඥවරියකි.
දේහය නුගේගොඩ උඩහමුල්ලේ තලපත්පිටිය පාරේ අංක 92 නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු අද(22) සෙනසුරාදා පස්වරු 4.30ට බොරැල්ල කනත්තේදී සිදු කෙරේ.