
අද තවත් සංක්‍රමණ නීතියක් වෙනස් වෙයි
Thilan Jayasekara
05/03/26
නව නීතිය අනුව වැඩකල හැකි සරණාගත වීසා අපේක්ෂකයන්ට වැඩ කරන්න ඉඩ දෙන්නත් එම නිසාම ඔවුන්ට රජය මගින් ගෙවන දීමනාව කපා හරින්නත් යෝජනා කරනවා. විශේෂයෙන්ම තම සරණාගත අයදුම්පත්‍රය දාලා වසරකට වැඩි කාලයක් බලාගෙන ඉන්න අපේක්ෂකයන් 21,000 අධික පිරිසට තමයි මෙයින් යෝජනා කරන්නේ “තමන්ට තමන්වම බලාගන්න” කියලා. ඊට අමතරව බ්‍රිතාන්‍යයේ නීතිය කඩ කරන අයටත්, නීති විරෝධීව රැකියා කරලා අහුවෙන අයටත් සරණාගත දීමනාව ඉවත් කරන්නත්, ඔවුන්ට දඅනට සපයලා තියන හෝටල් පහසුකම් වලින් ඉවත් කරන්නත් නව නීතියෙන් යෝජනා කරනවා.
එළැඹෙන ජුනි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම නව නීතිය මගින් මේ වෙනකොට නීත්‍යානූකූලව මෙරට රැදී සිට පසුව සරණාගත වීසා සදහා අයදුම් කරන පුද්ගලයන්ටත් සරණාගත දීමනාව නොගෙවන අතර ඔවුන්ටද සරණාගත අයදුම්පතට තීරණයක් ලැබෙන තුරු රැකියාවක් කර උපයා ගැනීමට යෝජනා කරලා තියනවා. ඒ වගේම දැනට මෝටර් රථ, ස්කූටර් වැනි වත්කම් තියන පුද්ගලයන්ටත් සරණාගත දීමනාව ගෙවීම නතර කිරීමටයි යෝජනා කෙරෙන්නේ.read more ….

