
අතීතයේ ලක්දිව පිලිබඳ තොරතුරු ලොවට හෙළිකළ විදේශිකයෝ -ලිපි අංක 11
මීගමුවේ කුමාරයා හෙවත් මහරාල – මාරිසල්ස් බොෂුවර්.(ක්‍රි .ව .1612-1620 )
මෙකළ ලංකාව පාලනය කළේ උඩරට සිටි රජවරුන් විසින් වූ අතර ඒ වනවිට පෘතුගීසින් මුහුදු බඩ ප්‍රදේශ පාලනය කරමින් සිටි සමයක් විය.කෙටි කලකින්ම පෘතුගීසින් සිය බලය රටේ සියලුම ප්‍රදේශවල නතු කර ගැනීමට විවිධ උපක්‍රම යොදමින් සිටියේය.මේ සමයේ උඩරට පාලනය කළේ සෙනරත් රජතුමා විය. ඔහු පෘතුගීසීන් ලංකාවෙන් නෙරපා හැරීම සඳහා තවත් යුරෝපිය ජාතික පිරිසකගේ සහාය පතන්නට පටන් ගෙන තිබුණි. මිට ප්‍රධාන හේතුව වුයේ ඒ වනවිටත් බොහෝ යුරෝපීයයන් වෙළඳ හා ආගමික කටයුතු සඳහා උඩරටට පැමිණි ඇතැම් පිරිස් වල ප්‍රධාන අදහසක් වුයේ එකල යුරෝපයේ බලය තහවුරු කර ගෙන සිටි ලන්දේසි නැතහොත් වත්මන් නෙදර්ලන්තයෙන් උදව් ගත යුතුයයි රජුට ඒත්තු ගැන්වීම නිසා යයි සඳහන්වේ.යුද්ධ වලදී අල්ලා ගත් යුරෝපීයන්ද ආගම පැතිරවීම සදහා පැමිණි යුරෝපීයන්ද, රාජ්‍ය සේවය සදහා රාජ්‍ය සේවය සදහා පැමිණි යුරෝපීයන්ද උඩරට රාජ්‍යයේ සිටියහ. මෙම තත්වය පිලිබඳ කරුණු රැසක්ම ඒ සමය පිලිබඳ පොත් ලියු කතුවරුන් රැසකගේම මතය වී තිබේ.
මේ අනුව කටයුතු කර තිබු සෙනරත් රජතුමා ඒ වනවිට ඉන්දියාවේ ඇතැම් කොටස්වල පෘතුගීසීන් නෙරපා හැරීම සඳහා මුල් වූ ඕලන්දයේ රජුගෙන් ඊට සහය වනලෙස ඉල්ලා තිබුණි. 1612 වර්ෂයේදී ඉන්දියාවේ කොරමන්ඩල් හි නෙදර්ලන්ත පාලකයන්ට, නෙදර්ලන්තයේ එකල රජ වූ ඔරේන්ජ් රජුගෙන් ශ්‍රී ලංකාවේ රජු වෙත යවන ලෙස රාජකීය ලිපියක් ලැබිණ ඕලන්ද රජතුමා විසින් මේ කාර්ය සඳහා කවුරුන්ට පැවරිය යුතුයිඑහිදී ඔහුට ඒ සමාගෙම් සේවය පිණිස පැමිණි අය ගෙන් මිට හොඳම පුද්ගලයා ලෙස මාරිසල්ස් බොස්කෝචර් යයි තීරණය වි තිබුණි ඔහු ඒ වනවිට 1610 ජනවාරි 30 වන දින ඕලන්දයේ ටෙක්සෙල් වෙතින් පිටත් වූ Zwarte Leeuw නෞකාවේ යටත් වෙළෙන්දෙකු ලෙස ඉන්දියාවට පැමිණ ඇතැයි සඳහන්වේ.. ඔහු ලන්දේසි නැගෙනහිර ඉන්දීය සමාගමෙහි සේවය කළේය. ප්‍රථමයෙන් ඉන්දියාවේ තෙංගපටම්හිදීද පසුව පාලිකට්හිදීද, රාජ්‍ය-ජනරාල් සහ මොරිස් කුමරුගෙන් ලංකාවට ලිපි රැගෙන ඒමට ඔහු තෝරා ගන්නා ලදී. ඔහු ලංකාවේ ත්‍රිකුණාමලයට පැමිණ අනතුරුව 1612 මාර්තු 8 වැනි දින මහනුවරට පැමිණි බව සඳහන්වේ.
අප රට ගැන එකල ඉතිහාසය ගැන පොත්පත් ලියු ඉංග්‍රීසි ජාතික සර් ජේම්ස් ටෙනන්ට්( Sir James Tennant – An Account of Ceylon part 1,2 )ඇන් එකවුන්ට් ඔෆ් සිලෝන් ) හිද , පසු කළෙක හුරුල්ලේ මහතා ලියු { H.A.J. Hurulle -The Travellers}ද ට්‍රවෙලස් ) ද බොස්චෝවර් ගේ කතා පුවත පිලිබඳ ලියැවුණු සටහන් රාශියක් සඳහන්වේ. ලංකා වේ මෙහි ඉතිහා සය පිළිබද මෙන්ම උඩරට රජුගේ පිළිවෙත් හා පෘතුගීසි හා ලන්දේසි සා මය පිලිබඳ පොත්පත් ලියු අපේ ගත්කරුවන් රාශියක් වෙති. මේ බෝෂුවර්ගේ ලංකා ගමන හා ඒ හා සබැඳුණු හා සිදුකෙරුණු දෑ පිලිබඳ විස්තර සඳහන් කර තිබුණි. අපේ කට කතාවක කියවෙන පරිදි “ඉඟුරු දී මිරිස් ගත්තායයි ” කියන පුවත ඇරඹුනේ ද මේ සිදුවීම් මාලාව ඔස්සේ බවද අප විසින් සිහි කොට ගත යුතුය.
බොස්චෝවර් ගේ කතා පුවත ලන්දේසි ගත් කරුවෙකුවූ පිලිප් බැල්දෙයුස් (Philip Baldeus) විසින් රචිත ලේඛන වල සඳහන්ව තිබුණි. මිට අමතරව ඔහුගේ ක්‍රියාකාරකම් ඇතුළත් ලේඛන ලිපි ගොණු 50 පමණ හේග් හි රාජ්‍ය ලේඛනාගාරයේ (Remonstrance of Bestower ) නමින් අදත් පරිශීලනය පිණිස තබා ඇතැයි ඒ පිලිබඳ ගවේෂණය කරනු ලැබූ ගත්කරුවන් විසින් සඳහන් කොට ඇත.
කන්ද උඩරට රජ තුමා හමුවීමට පැමිණෙන ඕනෑම කෙනෙකුට දින ගණනක් මාලිගයට ආසන්නවූ මුර පොළෙහි රැඳී සිටීමට සිදුව තිබුණි.මේ සම්ප්‍රධායන් හා රජුගේ හැසිරීම පිලිබඳ මනා අධ්‍යනයකින් යුතුව බොෂුවර් මනා ඉවසීමකින් යුතුව මේසියලු කටයුතුවලින් අනතුරුව 1612 මාර්තු මස මහනුවරට පැමිණි බවත් ඔහු ඇතුළු පිරිස පිළිගෙන රජුගේ පරිවාර අදිකාරම්වරු හ්මහත් හරසරින් ඔහුට සලකු බව එම ලේඛනවල සඳහන්වේ.
අනතුරුව මාරියල්ස් බොෂුවර් සෙනරත් මහ රජු බැහැ දැක, නෙදර්ලන්තයේ ඕරේන්ජ් රජුගේ ලිපිය සෙනරත් රජු වෙත බාර සුදු රෙදි කඩකින් වසා රජුගේ සිංහාසනය අසල තිබූ රනින් කරන ලද ආසනයක් මත ගෞරව සම්ප්‍රදානුකූලව තැබු බවත් අනතුරුව රජු හා තානාපති මාරියල්ස් බොෂුවර් අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වූහ.මේ සුහද සාකච්ජා වලින් පසුව සෙනරත් රජු ශ්‍රී ලංකා රාජ්‍ය හා මාරියල්ස් බොෂුවර් නෙදර්ලන්ත රාජ්‍යය වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළද සම්බන්ධතා ගිවිසුමකට පැමිණිමට හැකිව තිබුණි.. ඉහතකී ගිවිසුමට අනුව ලන්දෙසිනට දිවයින තුළ යුධ කටයුතුවල නිරතවීමටත් , වෙළදාමමේ දීමටත් වෙළඳ ද්‍රව්‍ය එකතු කිරීමටත් මෙන්ම ගබඩා කිරීමට හා ගබඩා රට තුල ඇති කිරීම ආදිය සම්බන්ධව වගන්ති 45 ක් ඇතුලත් වි ඇති බව සඳහන්වේ.
බොෂුවර් ඉතා ප්‍රිය මනාප ,සුහදශීලි ඉතා උපායශීලි පුද්ගලයෙකු විය.මේ කරුණු කෙතරම් මේ සිද්ධිය කෙරෙහි බලපෑවාද කිවහොත් උඩරට සිටි කාලය තුළ රජ පවුලේ හා රජු ඇතුළු රාජසභාවේ සියලු පිරිස් සමග කුලුපග වීමට ඔහු සමත්විය.මෙම ගිවිසුම් කටයුතු අවසන් වීමෙන් පසුව, මාරියල්ස් බොෂුවර් ආපසු සිය රටට යාමට රජුගෙන් අවසර ඉල්ලා සිටියේය. මේ වන විට මෙම තානාපතිවරයා රාජ්‍ය සභාවේ ඉතා ප්‍රියමනාප සහ විශ්වාස කටයුතු පුද්ගලයෙකු බවට පත්ව සිටි අතර රජු ඔහු වැන්නෙක් තමාට මේ කාල වකවානුව තුල රඳවාගන්නට ඇත්නම් එය ඔවුන්ගේ ඉදිරි වැඩ කට යුතුවලට මහත් සේවාවක් ඉටුවන බව ද දැ න සිටියේය. එහෙයින් රාජ සභාව ඔහුගේ ගමන නොයෙකුත් හේතූන් දක්වා පමා කලහ. මේ අතරින් ප්‍රධාන හේතුව ලෙස දැ ක්වූයේ, සෙනරත් රජු පෘතුගීසීන්ට විරුද්ධව යුධ වැදීමට සිදුවන අවස්ථාවකදී ගිවිසුමට අනුව නෙදර්ලන්ත රාජ්‍ය සමග මූලික එකගතාවයකට පැමිණිය යුතුව තිබුණි. තවද එම කටයුත්ත සදහා සාකච්ඡා කර තීරණයක් ගැනීමට සෙනරත් රජුට නෙදර්ලන්ත රජය හා සම්බන්ධතා වය පවත්වාගැනීමට ගැළපෙන තානාපතිවරයෙකු සිටිය යුතු ය යන මතයේ පසුවිය.
රජුගේ මේ ඉල්ලීම ඉවත නොදැමීමට ඔහු වග බලා ගත්තේය.රජු කෝප නොගන්නවා එහි ඉරණම පිලිබඳ මනා අවබෝධයකින් සිය රටේ කීර්තිය වෙනුවෙන් හා සේවය වෙනුවෙන් ලංකාවේ රැඳී සිටින්නට සිදුවිය. ඔහුට ඕලන්දයෙන් හා සමාගමෙන් මේ සඳහා උපදෙස් ලැබුණි.මේ අනුව බෝෂුවර් සිය ගමන් මග වෙනස් කරමින් උඩරට සෙනරත් රජුගේ උපදේශකයෙක් ලෙස එහි රැදෙන්නට ගිවිස ගත්තේය.ඔහුගේ නඩත්තුව සඳහා රජුගේ නිල නිවසක් , ඉඩම් ද විශාල පිරිවරක් ද ලැබුණු අතර ඔහුට රජ සහාවේ ඉහළම තලයක වැජ බෙන්නට ද ඉඩකඩ සැලසුණු බව කියවේ.
සෙනරත් රජු පෘතුගීසි බස හොඳින් උගත් අයෙකු විය. ඔහුගේ බිරිඳ කතෝලිකයකු වූ නිසාත් අයගේ බලපෑම මත බොහෝ තීන්දු තීරණ ගැනීමට රජ තුමා පෙළඹුණු බව කියවේ.මෙකළ උඩරට රජය තුළ යුරෝපිය පුජකයින් සටන් වලදී අල්ලා ගත් සිරකරුවන් සිය සේවයටද පසු කලෙකදි බඳවාගෙන තිබුණි.මේඅනුව සිය රාජ සභාව තුළ විවිධ තරාතිරම් වලට අයත් විදේශිකයන් පිරිසක්ද සේවාවේ නිරත විය.
පෘතුගීසීන්ට එරෙහිව උඩරටට ආධාර කරන බවට පොරොන්දු වෙමින් කරලියද්දේ දී රජු සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට ඔහුට සිදු විය. රජතුමා විසින් ඔහුට “මීගමුවේ බොස්චවර් කුමාරයා” යයි තනතුරක් ප්‍රධානය කළේය.එහි සිට පෘතුගීසින්ට එරෙහිව සටන් වැදීමට සේනාවක්ද ඊට අවශ්‍ය පහසු කම්ද සපයා දුන්නේය.ඔහු මෙම ඕලන්ද ජාතිකයාගේ හිස මත “නලපටිය” නම් තුනී රන් තහඩුවක් තබා සිය උත්තරීතර කවුන්සිලයේ සභාපති, ඔහුගේ රහස් කවුන්සිලයේ දෙවන සහ උසස් අද්මිරාල් සාමිවරයා ( Lord of the Order of the Sun) යන පදවි ඉතා කෙටි කළකදී රජතුමා විසින් ප්‍රධානය කල බව සඳහන්වේ.
සෙනරත් රජු බෞද්ධයෙකු මෙන්ම කලක් පැවිදි අයෙකු ලෙසද කටයුතු කල බව සඳහන්වේ,ඔහුගේ බිසවුන් රජෙකුගේ දියණියක් වූ කන්‍යාරාමයක ඇති දැඩි වූ අයෙකු බව පැවසේ . ඔවුන්ගේ පුත් II රාජසිංහ අධ්‍යාපනය ලැබුවේ පූජකවරුන් විසිනි. විමලධර්ම සූරියගේ වැන්දඹුවක් සමඟ විවාහ විය. මෙය රොබට් නොක්ස් මෙහි සිරගතව සිටි සමයේදී ඔහු මේ පිලිබඳ ඇතැම් කරුණු සිය සටහන් වල සඳහන් කොට තිබේ.බොස්චවර් රජුගේ සහ රැජිනගේ විශ්වාසවන්තයාය විය. මෙනිසා අතිශය පොදු කාරණා සම්බන්ධයෙන් බොස්චවර් සෙනරත් රජු හා බිසවුන් ද උපදෙස් ලබා ගත් බව සඳහන් වේ. කැතරින් රැජින ඇගේ ඇගේ වැඩිමහල් පුතාට වස දී ඇති විට ඇය මහා හඬින් විලාප නගමින් සිටි අතර ඇයව සැනසුවේ බොස්චවර් ය කියවේ.ඔහු එය සමනය කරමින් ඌවේ කුමාරයා ලවා ජනතාව නිශ්ශබ්ද කර, එම කුමාරයා මැරුණේ වස විසෙන් නොව මාරාන්තික උණක බලපෑමෙන් බව පවසමින්. ඊට එරෙහිවූ සියලු දෙනාම දැනුවත් කළේය .රජතුමා තම සුළු පුත්‍රයාට වස පොවන්නේ යැයි ජනතාව තුළ දැඩි සැකයක් ඇතිව තිබු අතර මේ මැදිහත්වීම නිසා එය සමනයවී තිබුණි. .
බොස්චවර් රජුට වඩාත් ප්‍රයෝජනවත් වූයේ හමුදා සහ නාවික හමුදාපතිවරයෙකු ලෙසය. ඔහුගේ පළමු කාර්යය වූයේ විශාල සේනාවක් මෙහයවමින් එවකට බලකොටුවක් තනා බලය තහවුරු කරගෙන සිටි බලන පෘතුගීසි බලකොටුව රැගෙන යාමට ශක්තිමත් හමුදා බලකායකට අණ දීමය. “මීගමුවේ කුමාරයාලෙස හැඳින්වූ බොස්චර් ඉහත දැක්වූ බලන සටනින් ජය ගෙන සිය බලය වැඩත තහවුරු කර ගෙන සිටියේය. මින් අනතරුව සෙනරත රජු ඔහුට පෘතුගීසින් දිවයිනෙන් සහමුළුන්ම පන්න දැමීමට උපසේ දුන්නේය. ඔහු නාවික බල ඇණියක් මේසඳහා යොදාගත් බව සඳහන්වේ, අද්මිරාල් සහ නාවික හමුදා කපිතාන් ජෙනරාල්”, බල්ඩියස් පවසන පරිදි, “අධිරාජ්‍යයාගේ ඉල්ලීම පරිදි ගැලී තුනකින් සහ යාත්‍රා තුනකින් සමන්විත යාත්‍රාවක් සවි කර බව කියවේ.
මෙම නැව් කණ්ඩායමේ අද්මිරාල්වරයා ලෙස ඌවේ කුමාරයාගේ බෑනෙකු කටයුතු කළේය.නැව් 3 කින් හා සහයක යාත්‍රා 3 සමන් විතවු මෙම කණ්ඩායම මීගමුව, මන්නාරම සහ ඉන්දියාවේ කැලිකට් යන ප්‍රදේශයන් අවට සාගරයේ නොයෙකුත් පෘතුගීසී නෞකා සමග සටන් කර මේවා විනාශ කර, විශාල වස්තු සම්භාරයක් සහ යුධ සිරකරුවන් බොහොමයක් සමග 1613 මාර්තු මස 06 වන දින ආපසු ත්‍රීකුණාමල වරායට පැමිණියේය.. මෙම නෞකාවල නිලධාරීන් හා නැවියන් මහනුවර සෙනරත් රජු විසින් ඔවුන්ට නොයෙකුත් තෑගි බෝග බෙදා දුන් බව සදහන් වේ.
1613 මැද භාගයේදී කන්ද උඩරට ඔටුන්නට නියම හිමිකාරිය හා කරල්ලියද්ද රජුගේ දියණියද වූ, විමලධර්මසූරිය රජු හා සෙනරත් රජු යන දෙදෙනාගේ අග මෙහෙසිය වූත් දෝන කතිරිනා බිසව මිය ගියේය. ඈ මිය යාමට පෙර ඇගේ දරුවන්ගේ ඉදිරි අනාගතය බාර දෙන ලද්දේ මීගමුවේ මහා රාළට හා ඌවේ කුමරු හටය. ඒ ඔවූහූ එකල රාජකීය පවුලේ විශ්වාසය දිනා සිටි බැවිණි .සෙනරත් රජුද බලවත් ලෙස රෝගාතුර වූයෙන්, රජු දියතිලක ( හගුරන්කෙත) වෙත ගෙන යන ලදි. මෙහිදී රජු විසින් තමන්ගේ අන්තිම කැමති පත්‍රය ප්‍රකාශ කිරීම සදහා රාජ සභාව දියතිලක නුවරට කැදවා තම දරුවන්ගේ අනාගතය හා ආරක්ෂාව මීගමුවේ මහා රාළට හා ඌවේ කුමරුට භාර දුන්නේය. තම දරුවන්ගේ භාරකාරත්වය මීගමුවේ රාළට හා ඌවේ කුමරුට බාරදීම පිළිබඳව උපදෙස් රන් පත්‍රයක ලියවා රාජ සභාවේ සාමාජිකයන්ට බෙදා දෙන ලදි. රජු මෙලෙස තම අවසන් කැමැත්ත ඒ අවස්ථාවේ ප්‍රකාශ කල නමුත් ඔහු සුවපත්වී තවත් කලක් ජීවත්වූ අතර, ඔහු අසනීපව සිටි කාලයේ රජුගේ හමුදාවන් හා රාජ්‍ය කටයුතු පාලනය කරන ලද්දේද මොවුන් දෙදෙනා ය.
මෙකල පෘතුගීසීන්ට විරුද්ධව කරනු ලැබූ යුධ කටයුතු සංවිධානය කරන අතර තුර, පෘතුගීසීන්ගේ උගැනුමට කන්ද උඩරටට අයත් ප්‍රාදේශීය පාලකයන් විසින් රජුට විරුද්ධව කැරලි ගැසූහා.මෙකල රට පාලනය කර තබා ගැනීම මහත් අපහසු කටයුත්තක් වුහ.මෙය පෘතුගීසින් විසින් සිදුකර තිබු උපාය මාර්ගයක් විය.උඩරටට රජුගේ හමුදාව එක් ප්‍රදේශයක ස්ථානගත වන විට, වෙනත් ප්‍රදේශයක ප්‍රාදේශීය පාලකයාට අල්ලස් හා වෙනත් පොරොන්දු මගින් පොලබවා කැරලි ගැස්වීමට පෘතුගීසීන් දිගින් දිගටම කටයුතු කළේය.. මේ කටයුතු වලදී රජුගේ හමුදාවන් බොහෝ විට මෙහෙය වන ලද්දේ මීගමුවේ මහා රාළ හා ඌවේ කුමාරයා විසිනි.
මේ වන විට තමන්ට බටහිර උදව් නොමැතිව පෘතුගීසින් හා සටන් කර යුද්ධ වලින් ජයගත හැකි නමුදු පෘතුගීසීන් ලංකාවෙන් සහමුලින්ම විනාශ කර දැමීමට නම්, මුහුදු බලයක උදව් අවශ්‍ය බව කන්ද උඩරට සෙනරත් රජුට පෙනී ගියේය. මේ සදහා යුරෝපීය නාවික බලයක් සමග ගිවිසුමකට පැමිණි යුතුයැයි කල්පනා කල සෙනරත් රජු, ඉන්දියාවේ සිටි ඕලන්දවරුන් වෙත උදව් ඉල්ලා හසුනක් යැවීය. එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ පැහැදිලි විස්තර ලබා ගැනිමට, ශ්‍රී ලංකාවේ පුලුල් අත්දැකීමක් ඇති කන්ද උඩරට රාජධානියේ සිටින මීගමුවේ මහා රාළ ඔවුන් වෙතට එවන ලෙසට ඕලන්දයෙන් ඉල්ලා සිටියහ. මේ ඉල්ලීමට නුවර සෙනරත් රජු මීගමුවේ මහා රාළ තමන්ගේ සියලු බලතල සහිත තානාපතිවරයෙකු බවට පත් කර, එම ඉල්ලීමට අනුව තමන් වෙනුවෙන් රජවරුන් සමග සම්මුතියකට පැමිණීමට සියලු බලතලද පවරා 1616 දි යුරෝපීය වෙත පිටත් කරන ලදි. මේ සදහා බලතල පිළිබඳ නොයෙකුත් ලිපි ලේඛන රාජකීය මුද්‍රාද ඔහු වෙත ලබාදෙන ලදි. මීගමුවේ මහා රාළ 1615 මැයි මස 09 වන දින ලංකාවෙන් පිට වී ජූලි මස 02 වන දින ඉන්දියාවේ මසුලිපිට් යන නගරය වෙත පැමිණියේය.
.
රජතුමා විසින් ඕලන්ද රජුගේ ඉල්ලීම පිට අකමැත්තෙන් හෝ බෝසුවර් එහි සවිඉමට සිදුවිය. ඒ සඳහා ඉල්ලීම් රැසක් සිදුකර තිබුණි.මෙහිදී රජුවිසින් තෑගි වශයෙන් අලියෙන් දෙදෙනෙකු ඕලන්දයට යව තිබුණි.. ඔහු ඉල්ලා සිටිය නැව් කිහිපයක්ද භටයන් 2000 ක්ද ඉල්ලා සිටියේය.
එකල ඉන්දියාවේ සිටි නෙදර්ලන්ත හමුදා ඉන්දීය රජවරුන් සමග සටන් කිහිපයක යෙදී සිටි නිසා, මහනුවර සෙනරත් රජුට උදව් කිරිමට ඔවුන්ගේ හමුදා බලයන් ප්‍රමාණවත් නොවූ හෙයින්, නෙදර්ලන්තයට ගොස් එහි පාලකයා ඔරේන්ජ් මහා රජුගෙන් උදව් ඉල්ලා සිටින ලෙස දක්වා මීගමුවේ මහා රාළ ඉන්දියාවේ සිට ඔවුන්ගේ මව් රට වූ නෙදර්ලන්තය බලා පිටත් කරන ලදි.
මීගමුවේ මහා රාළ තමන්ට උඩරටදී බලාදී තිබූ නම්බු නාම හා වෙනත් තානාන්තර නිසා බලවත් ලෙස උඬගු බවට පත්ව සිටියේය. මේ හේතුවෙන් නෙදර්ලන්තයේ බාහිර වෙළඳ හා යුධ කටයුතු පාලනය කල අධ්‍යක්ෂ මණ්ඩලය ඔහු හා අමනාපයක් ගොඩනැගු අතර මෙම ඉල්ලීම කෙසේ හෝ ඔහුට එහිදී ඉටු කර ගැනීමට නොහැකිවිය, බෝෂුවර් නෙදර්ලන්තයේ අසල්වැසි රටක් වූ ඩෙන්මාර්ක් රටට ගොස් එහි රජ වූ හතරවැනි ක්රිස්ටියන් රජු ( 4- Christian ) නෙදර්ලන්තයේදී හමු වී ඔහු සමග සාකච්ඡා කර උඩරට රජු වෙනුවෙන් 1618 මාර්තු 30 වන දින ඩෙන්මාර්ක් රජය හා ගිවිසුමකට එළඹීමට හැකිවිය.
මෙම ගිවිසුම අනුව ඩෙන්මාර්කයේ රජු විසින් මීගමුවේ මහා රාළ වෙත නෞකා දෙකක් සපයන ලද අතර, ඩෙන්මාර්කයේ ව්‍යාපාර ආයතනයක් විසින් තවත් නැව් 05 සහිත හමුදාවකින්ද සමන්විත මෙම කණ්ඩායම වංශාධිපතියෙකු වූ ඕවී ගිඩන් යටතට පත් කරන ලදි. මෙම ගමනට ඔහු තමන්ගේ නෙදර්ලන්ත බිරිඳ ,දූවරු තිදෙනාද, අලුත උපන් පුතනුවන්ද, සහභාගි කරවා ගත්තේය.ඔහුගේ උඩගු කම නිසා අනවශ්‍ය කර දර රැසකටම මුහුණ දීමට සිදුවිය.මුහුදු ගමනේදී තම පවුලට රාජකීය පවුලකට හා සමානව ගෞරව කරන ලෙසට බල කිරීම නිසා,ඔවුන් අනෙකුත් අයගේ අප්‍රසාදයට පත්ව සිටි බව සඳහන් වේ. එංගලන්තය අසල ඉංග්‍රීසි ඕඩය හරහා නෞකා පැමිණ අතර, ඉතාමත් අපහසු වූ දුෂ්කර මාස 22 ක මුහුදු ගමනකින් පසු එම නෞකා මඩකලපුව හා ත්‍රීකුණාමලයට ලඟාවීය.මේ දිගු .ගමනේ අපහසුතාවය නිසා විශාල පිරිසක් මියගිය අතර, මිගමුවේ මහා රාළ හා ඔහුගේ පුතාද මියගිය පුද්ගලයන් අතර විය.
ඕවී ගිඩන් ඔහුගේ හමුදාව හා නැව් හා හමුදාවන්හි ප්‍රමාණයන් හා අනෙකුත් විස්තරද මිගමුවේ මහා රාළ පිළිබඳ අවාසනාවන්ත විස්තරය කන්ද උඩරට රජුට දන්වා යැව තිබුණි.. මීගමුවේ මහා රාළ මියගිය පුවත ඇසිමෙන්ද, මෙම හමුදාවන් සදහා අති විශාල කුලියක් ඩෙන්මාර්කය විසින් ඉල්ලා තිබිම නිසා රජු එම ඉල්ලීම් වලට අනුව මුදල් ගෙවීමට අකැමති විය. මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට ඕවී ගිඩන් මහනුවරට පැමිණි අතර, ඔවුනට ගෙවිම් කිරීමට පෙර පෘතුගීසින් රටින් සම්පූර්ණයෙන්ම පිටත් කල යුතු බව සෙනරත් රජු ඉල්ලා සිටි බව සඳහන් වේ,. මේ අතර ත්‍රීකුණාමල වරාය ඩෙන්මාර්ක්වරුන්ට පවරා දෙන අතර, රටතුල වෙළඳාම කරගැනීමටද ඔවුන්ට ඉඩදෙන ලදි.
සාකච්ඡා කිහිපයකින් පසුවද මහනුවර රජු මුදල් ගෙවීමට අකමැති වූහ.මේනිසා නෞකාවල තිබූ මීගමුවේ මහාරාළට අයිති වස්තුව, ශ්‍රී ලංකාවට නෞකා එවීම සදහා ඩෙන්මාර්ක් රජුට වූ වියදම් හිලව්වට තබාගෙන, ඒ දක්වා නැවේ තිබූ මීගමුවේ මහාරාළගේ හා පුතාගේ සිරුරු මිහිදන්කර, ඔවුන්ගේ බිරිඳ සහ දූවරු තිදෙනා ඔවුන්ගේ ඉල්ලීමට අනුව මහනුවර බලා පිටත් කර ඇතැයි සඳහන් වේ.
ඕවී ගිඩන් විසින් මීගමුවේ මහාරාළගේ ආදාහනය ඉතා චාම් ලෙසත්, ඔහුගේ අවුරුදු තුනක් වයස දරුවාගේ අවසන් කටයුතු ඉතා ගෞරවාන්විත ලෙසත් සිදු කර තිබුණි. එම දරුවා ඩෙන්මාර්ක් රජු විසින් තමන්ගේ දරුවෙකු ලෙස ඩෙන්මාර්කයේදී බෞතීස්ම කරන ලද නිසා එකී ගෞරවය ලබාදුන් බව සඳහන්වේ.මහනුවර වසර තුනක් පමණ ජීවත්වූ මීගමුවේ මහාරාළගේ බිරිඳ හා දියණියන්ට මහනුවර රජු විසින් ඉතා හොදින් සංග්‍රහ කල අතර,අනතුරුව ඉන්දියාවේ ඕලන්ද ආණ්ඩුකාරයාගේ ඉල්ලීමට අනුව ඉන්දියාවට යැවු බව සඳහන්වේ.
නීතිඥ ශාන්ත සේනාධීර -ප්‍රවීණ පත්‍රකලාවේදී
(මෙහි පළවන සේයා රූ අන්තර් ජාලයෙන් ලැබගත් අතර ඒවායේ අයිතිය සම්පුර්ණයෙන්ම එහි මුල් අයිතිකරුවන් සතු බ කරුණාවෙන් සළකන්න )