ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි වාර්තා අතරට

0
265

Ada – අද 

15/11/23

18h  · 

එක්දින ක්‍රිකට් පිටියේ ශතක 50ක් රැස්කළ ලොව පළමු හා එකම පිතිකරුවා බවට ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි වාර්තා අතරට එක්විය. ඒ ලෝක කුසලාන තරගාවලියේ පළමුවැනි අවසන් පූර්ව තරගයේදී නවසීලන්තයට එරෙහිව පන්දු 113කදී ලකුණු 117ක් රැස්කරමිනි.

ඒ අනුව එක්දින ක්‍රිකට් පිටියේ ශතක වැඩිම ප්‍රමාණයක් රැස්කරමින් සචින් තෙන්ඩුල්කර් (ශතක 49) පිහිටුවා තිබූ වාර්තා බිඳ වැටුණි.

මෙම ලකුණු 113ත් සමගින් විරාත් කෝලි මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මේ දක්වා ලකුණු 711ක් රැස්කළ අතර එය ලෝක කුසලාන ඉතිහාසයේ එක් ලෝක කුසලාන තරගාවලියකදි පිතිකරුවෙක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වෙයි.

මෙම ලෝක කුසලාන තරගාවලියේදී විරාත් කෝලි ලකුණු අවස්ථා 8කදී ලකුණු 50 සීමාව ඉක්මවා ගිය අතර ලෝක කුසලාන තරගාවලියකදී එවැනි දක්ෂතාව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here